Monday, January 30, 2012

මගේ පස් ලැව..... 1 වන ගෙතුම

හපොයි මදැයි ගෙවල් හම්බෙන එක බලන්න යන්න ගියා....  ගෙදරට කෑගහල කෑගහල  මගේ ස්වීට් වොයිස්  එකත් අංජබජල් වෙලා වගේ මෙයා...

එදා ලස්සනට ඉර පායලා තිබ්බ දවසක්  ද කියලනම් හරියටම මතක නැහැ... එක නිසා  එහෙම පටන් ගන්න බැහැනෙව...
කොහොම හරි දැනට අවුරුදු ඔහොම ඉන්නකෝ එකායි.... දෙකායි..... තුනා..... හෝව් හෝව් තුනකට කලින් තමා සීන් එක උනේ.... 
 නවය වසරේ පලවෙනි  වාරේ පලවෙනි දවසේ  ඔන්න මම ඉස්කෝලේ ගියා... (ගියා කිව්වට අම්මා එලෙව්වා කිව්වොත් නිවැරදියි)  ඒත් ඉතින් ඇතුලට යන්න හම්බුනේ නැහැ... 8 ට පටන් ගන්න ඉස්කෝලෙට 8.15 ට ගියාම ඇතුලට ගනියිද ඉතින් ..... :D

 අපේ ලොක්ක (ඒ කියන්නේ පාසලේ නියමුවා )  මං ඇතුළු පරක්කු වෙච්ච ඔක්කොම සෙට් එකට බර දේශනයක් (තොපිට නිවාඩු කලේ නිදා ගත්ත මදිද බොලව් කියපියව් තොපි පිරිමිද??? ටික්‌ ටික් ටීක්....) දීල ඇතුලට ගත්ත..... මොනා කරන්නද ඉතින්  කුඩුවෙන්න බැනුම් අහපු මම එහෙම්මම පන්තියට ගියා........ කාල හමාරයි  මෙන්න බොලේ අපේ පන්ති මාරු කොරල......   මට නිකන් මොන්ගල් වගේ... අපේ හිටපු පන්ති බාර මිස් ගෙන් ගිහින් මගේ පන්තිය මොකක්ද කියල අහගත්ත මම දුවගෙන පන්තියට ගියා අපේ සෙට් එකේ කොල්ලෝ ටිකට මොනාද වෙලා තියෙන්නේ කියල බලන්න අපි පුරුවේ කරපු කරුමෙකටද වාසනවකටද මන්ද  අපේ සැට් එකේ කොල්ලොන්ගෙන් ගෙම්බයි ,බෙට්ටයි , පිම්පියයි  විතරයි එහා පන්තියට මාරුවෙලා තිබුනේ.... මෝඩ මුසලයයි ,ලබ්බයි, හෂයි, බටුවයි ,අලයයි මගේ පන්තියෙමයි  හිටියේ....(මුන් ගැන හඳුන්වන්න ගියොත් අද මට මුන්ගේ ජාතකෙම මතක් කර කර ඉන්න  වෙයි  ඒක නිසා පස්සේ වෙනම මුන් ගැන පොස්ට් එකක් ලියන්නම්...)


අපේ පන්තිය අලුතෙන් බාර ගෙන තියෙන්නේ විද්‍යාව උගන්නන මිස් කෙනෙක්.... නමනම් අර පොඩි ළමයින්ට විජලනය හැදුනම දෙන්නේ අන්න ඒක(දන්නේ නැත්තන් මම වගේ අම්මගෙන් අහන්න........) එයා නම් තරුණ ගොඩක් හොඳ මිස් කෙනෙක්.... මගේ පස්  ලව් එකේ මෙයා ප්‍රධාන කැරට්ටුවක් වෙන හැටි පස්සේ කියන්නම්කො.....

ඔන්න ඉතින් මද්දුවත් එකෙන්ම ගිහිල්ල අලුත් මිස්ට ටෝක්ස් එකක් දුන්න..... මෙයා හිතුවට වඩා  හොඳයි වගේ.... අපි ඉතින් දන්නැද්ද මෙයා විද්‍යාවේ නව ප්‍රවණතා වගේ හරබර  මාතෘකාවක් ගැන කතා කරගෙන ඉද්දි මෙන්න බොලව් කෙල්ලෙක් ඇවිත් රෙජිස්ටෝර් එකේ ළමයි ඔක්කොගෙම නම් ලිව්වා මිස් කියලා දික් කරපි රෙජිස්ටෝරේ මිස්ගේ දිහාවට.....

මිසුත් ඉතින් වැඩ ඔක්කොම මුට්ටි අල්ලන එකියෙක්ට දීල අතල් එකේ ඉන්න පුළුවන් නිසාද මන්ද අනේ තැන්කූ මෙයා ඔයාගේ අකුරු මාර ලස්සනයි පුතේ කියලා මිස් ඒකිව උඩින් තිබ්බ.....  එකී රෙජිස්ටෝර් ඒක මිස්ට දීල ගියාට පස්සේ  මම ඉල්ලගත්ත රෙජිස්ටර් ඒක.... මොකද අපේ පන්තියට මුට්ටියක් බැහැල කියන්නේ අපේ ආතල් වැඩ සිමා සහිත වෙනවා කියන එකනේ....  

ඉඳපිය දෙන්නම් වැඩක්  කියලා  ඇරිය රෙජිස්ටෝර් එක.... බුදු අම්මේ අකුරුවල ලස්සන.... ඇස්වහක් කටවහක් නෑ මුතුකැට වගේ.... ඒ වුනාට අකුරු ලස්සනයි  කියලා  අතාරින්න පුළුවනැයි.....  බැලුව මගේ නම .. මාතංග  මද්දු  ද සිල්වා... වැඩේ හරි ....  මම  ගියා  මෙකි ගාවට....

මම :- ඈ යෝදියේ මොකද මේ මගේ නමට කරලා තියෙන්නේ ??? (මෙකි එකපාර dim වෙලා වගේ ගියා .... )

මෙකි :- ඇයි මොකද වෙලා තියෙන්නේ ??? (පන්තියේ උනුත් අපි දිහා බලාගෙන)

මම :- මගේ නම මානංග මද්දු ද සිල්වා නේ...

මේකි:- හරි ඉතින් අකුරනේ.... (මේකිත් අරින්නේ නැහැ වගේ)

මම :- අකුර වගේද මගේ නම්බුව  ?? මේ කෙල්ලෝ මුට්ටි අල්ලන්න විතරයි දන්නේ... පැයක් විතර රවුන් කොරල ලස්සන අකුරු ලිව්වට වැඩක් නැහැ යකෝ spellings හරියට නැත්තන්.... මම කිව්වා....

මේකි දැන් අඬන සයිස් එකේ ... බිම බලාගෙන මොනාද මන්ද කියෙව්වා මට තියා ඒකිටවත් ඇහුනද මන්ද.... ඊට පස්සේ මේකි අඬාගෙන වගේ  දුවගෙන ගිහින් Des  එකට ඔලුව තියාගත්තා....ඒ වෙලාවේ නම් මට ටිකක් දුක හිතුන (කලාකරුවෝ සංවේදී කියනවනේ...) ඒ වුනත් ඉතින් බැන්න බැනිල්ලට මම ගිහින් සමාව ගන්නය.... ඒ වුනත් මගේ හිත කිව්වෙම ගිහින් සනසපිය කියලා...
ටන් ටන් ටන් ටොන ටින් ටින් ටුන් ඩොන්......
මොන සනසනවද  හෙන ගහනවා වගේ  ගහපි ඉන්ටෙර්වල් බෙල්ල එක...... අස්පිල්ලමක් ගහන්නත් කලින් මෙන්න බෙට්ටයි, ගෙම්බයි, පින්පියයි ,හෂයි  ඇවිත් උන්ගේ බත් පාර්සලුත් අරගෙන ... දන් ඉතින් මොන කෙල්ලෝ නැළවිලිද??? අපේ ජිවිතේ මොන බලු වැඩක් කලත් බඩට වන්චා  කරන්න එපා කියලා අර කව්ද මන්ද  එකෙකුත් කියලා තියනවලුනේ... අනික වාරේ පලවෙනි දවසේ පලවෙනි බත් එක කන එක කොච්චර වැදගත් ද  අප්පා??

කෙලින්ම  හතර පස් දෙනෙක්ට මැදී  වුන අහින්සක බත් 4 ක්  5 ක් නිකන්ම වාෂ්ප වෙලා ගියා...... අනේ කෑම මතක්  උන හින්දද මන්ද මට නිකන් බඩ ඇතුලේ පනුවෝ ටික පිකටින් කොරනවා වගේ දැනෙනවා අප්පා,,,,..... වුන සීන් ටික නිකන් අමතක වෙලා වගේ...මට නිකන් මේ අවස්ථාවේදී  කොත්තුවක් ෆ්‍රයිඩ් රයිස් 1 ක් මැවිලා පේනවා වගේ අප්පා...  මම යනවා අයිය එක්ක සීය සීය දාල කොත්තු පාරක්  දාන්න.....

 එහෙනම් ඔයගොල්ලෝ වැඩි විස්තර පුවක් ගස්  වලින් අහගන්නකෝ.... මම කතාවේ ඉතුරු ටික පස්සේ දවසක කියන්නම්....

   (මතක තියා ගන්නල බඩට වංචා කොරන්නේ නරක ළමයි හරිද???)   ;)

එහෙනම් මේ සින්දුවත් අහලම යන්නකෝ.......
නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මඟතොටදී නොදුටුව විලස ඇදී..
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..

හුම්මානේ අප හමුවී.. 
සන්තානේ තව රිදුනි..
පෙරමඟ මා අද නැවතී.. 
යලි එය සිහිකරමී 

මුවැත්තියක් ගුරුගෙට ආවා..
හන්තානත් ඉඟිඹිඟි පෑවා..
මල්පාරත් මට අත වැනුවා.. 
සුන්දරවූ සැන්දැ ගෙවුනා..

දුක සංකා නිවුනී.. 
අප දෑතම බැඳුනී..
මා ආදරේ ඔබටමයි..

වස්සානේ මහවැසි වැටුණා..
දෙසුම්හලේ පාලුව දනුනා..
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
සඳ නැතිවම සැන්දෑ ගෙවුණා..

මැයි මල් පිපෙන තුරා.. 
මහවැලි ගලන තුරා..
මා නෙත් පියෙන තුරා.


ආසනම් මෙතැනින්ම බාගන්නකෝ......

Saturday, January 28, 2012

ඔයාල මේ සින්දුවට ආසද???

මෙන්න බොලව්   අද කවදාවත් නැතුව  මද්දු පුතා උදෙන්ම නැගීටල.... කියල මාව දන්නා එකෙක් අද  කිව්වේ නැත්තන් මම කණ එහෙම කපන්නේ නැහැ හරිද....  මොනා කොරන්නද  ඉතින් මෙව්වා කරන්නේ පාඩම් වැඩ අස්සෙනේ අප්ප.... වාර විබාගේ ලකුණු නැත්තන් ඉතින් බුදු සරණ තමා....
මම අද ලියන්න හිතන් හිටියේ  මගේ පස් ලව ගැනයි ඒත් මතක නැති උනානේ අද අපේ ඉස්කෝලේ ගෙවල් හම්බෙන එකනේ (house  meeT)  මොනා කරන්නද ??ආව එකේ මොනාහරි දීලම යන්න එපැයි...

    අද මම හාහාපුරා කියල දෙන්න යන්නේ ලංකාවේ ටික කාලයක් තුල උපරිම ජනාදරයට පත්වුන සින්දුවක lyrics මේක අමා කියන ටෙලියේ තීම් සින්දුව...  මගෙන් යාලුවෝ කීප දෙනෙක්ම ඇහුව නිසයි දෙන්න හිතුනේ...
මේතැනින් සින්දුව ගන්නකෝ


දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ.....

මින් පෙරදි අපි මේ වගේ වෙන් වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ....
මගෙ ජීවිතේ ඉකිබිඳී ඔබ දෙනෙත් යළි යළි සොයයි....
අපි පතා ආවා වගේ වෙන් වී යයි......

ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී..
ළං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ..

සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී...
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි...

ඔබෙ සිහින වල මා හිඳියි මගෙ සිහින වල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ....
දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ....

එහෙනම් මම ගියා ....  අද ගෙදර එද්දී ඉතින් වොයිස් බකල් තමා බුදු අම්මේ අපේ ගෙදරට චියර් කොරන්න එපැයි...... එහෙනං මද්දු විසි උනා... බායි !!
ඔන්න ඉතින්  යාලුවනේ මමත් බ්ලොග් කෙරුවාවට  බැස්ස... මේ සොඳුරු නිමේෂය තවත් ලස්සන කරන්නයි බලාපොරොත්තුව.... එහෙනම් ඉතින් හෙට ඉඳං හැම නිමේශයක්ම "සොඳුරු නිමේශයක්ම" වේවා.....!!!