Thursday, February 2, 2012

මගේ පස් ලැව 2 වන වෙළුම...

අදනම් මට එච්චර සොඳුරු දවසක් නෙවෙයි යාලුවනේ  මේ මගුල වයිරස් එකක් මාව ආසාදනය කොරල සෙම්ප්‍රතිශ්‍යාව  හදලානේ... මොනා කරන්නද ඉතින් වයිරස වලට බෙහෙත් නැහැ නොවැ..... මම ඩොකෙක් වෙලාවත් හොයා ගන්නම්කෝ.... ඉතින් හොඳම බෙහෙත විවේකය කියලා ඔන්න ඔහේ ගෙදර හිටිය....
දැන් ඉතින් හෙට ඉස්කෝලේ ගීයාම සර් නැගිට්ටලා ප්‍රශ්නයක් ඇහුවොත් තමා දෙයියෝ බුදුන් මතක් වෙන්නේ..... ඒවා ගැන හිතන් නැතිව ගෙදර හිටපු එකේ මගේ පස් ලවේ දෙවැනි කොටස ලියන්න හිතුව....

කොතනින්ද බොලව් මම නැවැත්තුවේ???? අම්මට සිරි කකා නේ ඉඳල තියෙන්නේ... හප්පේ අයෙත් බඩිගිනියි වගේ අප්පා..... හඃ හාහ් හැහැ හචෝස්..... සොරි.... අනේ අම්මේ කොත්තමල්ලි  නම් එපෝ...

පස්සේ කමු එහෙනම් ඉතින් කතාව පටන් ගමුකො....

 ඉතින් මම අර කෙල්ලට බැන්නට පස්සේ  මේකි ඉන්ටෙර්වල් එකේ කෑවෙවත් නැහැ...  ඔන්න ඉතින් ඉන්ටවල් එකෙන් පස්සේ පීරියඩ් එකේ තිබ්බේ ගණන්... ආව අපේ සුන්දර  කැළණි මිස්... දුන්න කොරවෙන ගණන් ටිකක්  අපි ඉතින් ඕවට කොරවුනේ පොඩි කාලෙනේ........ ඔය කාලේ මගේ එකම ආතල් එක උනේ ඉක්මනට ගණන් ටික හදල බැරි උන්ට කියල දෙන එක තමා.... මම බ්‍රයිට් පොරක් කියලා පුරසාරම් දොඩනවා නෙවෙයි ඕනනම් අහන්නකෝ  නොසිතු මාමා ගෙන්...

ඔන්න මේ වෙලාවේ මට වට්ටි කතා  කොලා (වට්ටි කියන්නේ අපේ පන්තියේ හිටපු කට සැරම කෙල්ල... කොල්ලෙක් එක්ක උනත් ඕන  ගේමකට ඔට්ටුයි....  මද්දු විතරක් නෙවේ නොසිතු මාමත් මෙයාගෙන් හොඳට සංග්‍රහ විඳලා තියෙනවා... මෙයා තමා ඉස්කොලෙන්ම මුට්ටි නො:1  හැබැයි  හරි අවංක හොඳ කෙල්ලෙක්)

මම:-  මචන් වට්ටි මොකක්ද අවුල???

වට්ටි:- මේ මගුල් මොනවත් තේරෙන්නේ නැහැ බං....

මම :- අයියෝ  ඇයි බං... මෙහෙමනේ  හදන්නේ.. }+(*&*&^^%@#%&*&()*()%$%^$^*)(*)*(&()^&&%...._()(*&&**$##^&(@!#!#$%%#%&%*())_+||)( හරිද?

වට්ටි:- තැන්කූ මචා දැන් තේරුණා.....

මම :- එහෙනම්, වෙල්කම් වේවා!!! මම ගියා......

වට්ටි :- මේ මද්දුවෝ මෙයාටත් තේරෙන්නේ නැහැලු...

මම එතකොට තමා දැක්කේ මෙන්න බොලේ අරකි වට්ටිට එහාපැත්තෙ, මුණ ටිකක් ඥාව් කරගෙන හිටිය......  අම්මට සිරි ගහට ගහක් සෙට් වෙලා වගේ මුට්ටි දෙකක් එක ළඟ... අනේ අම්මේ දෙවි පිහිටයි... මොනා  කරන්නද ?කාට කියන්නද ?  මේක මගේ ප්‍රධාන තියරි දෙකට අදාළ වෙන නිසා මට කියලා නොදී ඉන්න බැහැනේ...
මගේ ප්‍රධාන තියරි තමා,

  • ජීවිතේට බඩට වංචා කරන්නේ නැහැ....
  • හතුරෙකුට උනත් උදව්වක් කරන්න හම්බුනොත් එකෙන්ම කරනවා... 

මොනා කරන්නද  උදේ පලු යන්න බැනපු කෙල්ලට දැන් ගණන් කියලා දීපන්කො... මට නිකන් ලැජ්ජයි  ලැජ්ජයි වගේ.....

මම :- මොකක්ද  තේරෙන්නේ නැත්තේ????

මුට්ටි නො:2:- (හිමිට....) මේක... (ඇයි යකෝ  කියන මගුලක් කට ඇරලා කියන්න බැරිද???)

මම:- මේ ඔයාගේ ස්වරාලයේ මොනා හරි අවුලක් තියෙනවද??

මුට්ටි නො:2:- ඒ කිව්වේ?

මම :-  (ඇයි යකෝ 9 වසරේ කෙල්ලෙක් ස්වරාලය දන්නේ නැහැ කියන්නේ මොන මගුලක්ද?? )  හපොයි යකෝ සුද්ද සිංහලෙන් ස්වරාලය කියන්නේ අපේ කටහඬ උපදින තැන.... ඒ කියන්නේ සිංහලෙන් උගුරු දණ්ඩ..(මේක කියවන උනුත් දන්නේ නැහැ වගේ....)

මුට්ටි නො:2 :- ආ එකේ කිසි ප්‍රෂ්නයක් නැහැ....

මම :- එහෙනං යකෝ කියන මගුලක් කට ඇරලා කියනවකො..... මොකක්ද අමාරු ගාන??

මුට්ටි නො:2:- මේක ..... (අම්මේ මේකිට මල පැනලද කොහෙද??? තරහ ගියාම ටිකක් ලස්සනයි වගේ...)

මම:-  අයියෝ... සිම්පල් නේ බං.... මෙහෙමයි.... _^*#$%!$^*(!$&&**__+(+උ$%@$!#$%^**)*%#$&&##&*&()_)+ඔ^*&(% ...... දැන් තේරුනාද???

මුට්ටි නො:2:- ලේසියිනෙ.... ඇහුවටත් පාඩුයි.. (එහෙනම් මොන මගුලටද ඇහුවේ??)

වට්ටි :- ඇයි මද්දු උඹ මේකිට උදේ බැනල තියෙන්නේ..?? ( ඔන්න නඩුව පටන් ගත්ත...)

මම :- මේකි මේ අලුත් මිස්ට මුට්ටි අල්ලනවනෙ බං මන් උඹේ මුට්ටියේ ආදිපත්‍ය වෙනුවෙන් පොඩි හඬක් නැගුවා බං .......(මම ෂේප් නිකායෙන්  බේරුනා...)

වට්ටි:- නැහැ බං ඒ මිස් මුන්ගේ ගෙවල් පැත්තෙලු.... එකම බස් එකේලු ගෙදර යන්නේ.....

මම:- ආ එහෙමද ? අපරාදේ මම මේකිට මුට්ටි නො:2 කියලා නමකුත් රෙඩි කරලා තිබ්බේ අනාගතය සඳහා...  සොරි හරිද? මට අම්ම කියන්නේ මද්දු  කියලා... ඔයා? ( ඇයි ඒ ප්‍රශ්නේ ඇහුවේ කියලනම් අහන්න එපා...මට නිකන්ම ඇහුන..)

මුට්ටි නො:2 :- මගේ නම හඳ....(ඒ ලඟින් යන නමක් තමා තියෙන්නේ...)

අම්මේ මේ කෙල්ලොන්ගේ අම්මලට වෙන  දාන්න නම් ඇත්තෙම  නැද්ද මන්ද ? මේකි නම් ටිකක් හරි හොඳයි... කැතම කැත උන්වත් හඳට සමාන කොරනවා.....

බුදු අම්මේ ටයිප් කොරල අතත් රිදෙනවා අප්පා..... බඩිත් ගිනියි .... මම ගොහින් එන්නම්... ඉතිරි කොටස ළඟදීම දාන්නම්... මගේ පොස්ට් එකක් කියවල ඔයාල තෘප්තියක් ලබනවානම්... ඒකයි මගේ පරම සතුට....

අපි ඉතින් කලා කරුවොනේ මේ සින්දුවත් අහලම යන්න.... මේක මගේ ජීවිතේ ආසම සින්දුවක්.... මොකද කියලා මගේ යාලුවොනම් දන්නවා... එහෙනම් මද්දු විසිඋනා... හා හා හඃ හාහ් හචෝස්... 

  චාන්දනී  පායලා  සීත  සැලුවා  මේ  රාත්‍රියේ... 
                ජීවිතේ  අවපසයි  මන්  තවම  සීතල  කළුවරේ...     

මේ  කුළු  මතින්  ඇදී ..  
ඔබ  එන්න මා  කෙරේ... 
ඔබ  වේද  මතු  දාක  මා  ලබන  රම්බරි.... 
චාන්දනී  පායලා  සීත  සැලුවා  මේ  රාත්‍රියේ...   
ජීවිතේ  හිස්  කමින්...   
තුන්  යාමයේ  හිත්   පැරුණේ  සත්තකින්..
ඔබය  හද  රන්දු    සුරඹුන් ...
ඒ  හැඟුම්  කොයි  ලෙසින්  සිත්සේ..   
පවසම්ද  සොඳුරේ...... 

පෙම්  හැඟුම්  මතකයේ  රංචු  ගැසුනා...  
යටි  හිතේ  පොපියමින්  හීන  මැවුනා  //
සන්සුන්  සුසුම්ද  කැළඹී  ...
ඇයිද  මොකදැයි  ඇහුවා ...
රාගයේ  චන්ඩ  හැඟුමන්  රන්ඩු  කෙරුවා 
මං  කෙසේ  කොයි  ලෙසේ  මුමුනම්  මේ  ශෝක  ගීතේ.... 
කවුරුවත්  දන්නේ  නෑ  දැන් මේ . ..
මන්  ඉන්න  හිරගේ..... 

චාන්දනී  පායලා  සීත  සැලුවා  මේ  රාත්‍රියේ... 
                ජීවිතේ  අවපසයි  මන්  තවම  සීතල  කළුවරේ...  

යන්තමින්  නුවනගින්  කඳුල  එබිලා ...
දෙකොපුලෙන්  හෙමි  හෙමින්  සීත  ගැලුවා  //
දිවි  ගිම්   නිවෙන්න  පැතුමේ ... 
මදුර   ස්වරයි  ඔබගේ .....
ආදරේ  හීනයක්දෝ  හැබෑ  නොවෙනා  ???  
මන්  කෙසේ  දැවී  දැවී   ඉන්නේ   
මේ  වේදනාවෙන්... 
ඇස්   අගින්  ඔබ  ලියු  කවි  ගී 
මුමුනන්න මුවගින්.... 

ඔය  මන්දහසයෙන්  සනහේවී  ජීවිතේ... 
සෝතාප  සඟවන්න   ඔබ  එන්න  ආදරෙන් ......... 


චාන්දනී  පායලා  සීත  සැලුවා  මේ  රාත්‍රියේ... 
                ජීවිතේ  අවපසයි  මන්  තවම  සීතල  කළුවරේ... 

Monday, January 30, 2012

මගේ පස් ලැව..... 1 වන ගෙතුම

හපොයි මදැයි ගෙවල් හම්බෙන එක බලන්න යන්න ගියා....  ගෙදරට කෑගහල කෑගහල  මගේ ස්වීට් වොයිස්  එකත් අංජබජල් වෙලා වගේ මෙයා...

එදා ලස්සනට ඉර පායලා තිබ්බ දවසක්  ද කියලනම් හරියටම මතක නැහැ... එක නිසා  එහෙම පටන් ගන්න බැහැනෙව...
කොහොම හරි දැනට අවුරුදු ඔහොම ඉන්නකෝ එකායි.... දෙකායි..... තුනා..... හෝව් හෝව් තුනකට කලින් තමා සීන් එක උනේ.... 
 නවය වසරේ පලවෙනි  වාරේ පලවෙනි දවසේ  ඔන්න මම ඉස්කෝලේ ගියා... (ගියා කිව්වට අම්මා එලෙව්වා කිව්වොත් නිවැරදියි)  ඒත් ඉතින් ඇතුලට යන්න හම්බුනේ නැහැ... 8 ට පටන් ගන්න ඉස්කෝලෙට 8.15 ට ගියාම ඇතුලට ගනියිද ඉතින් ..... :D

 අපේ ලොක්ක (ඒ කියන්නේ පාසලේ නියමුවා )  මං ඇතුළු පරක්කු වෙච්ච ඔක්කොම සෙට් එකට බර දේශනයක් (තොපිට නිවාඩු කලේ නිදා ගත්ත මදිද බොලව් කියපියව් තොපි පිරිමිද??? ටික්‌ ටික් ටීක්....) දීල ඇතුලට ගත්ත..... මොනා කරන්නද ඉතින්  කුඩුවෙන්න බැනුම් අහපු මම එහෙම්මම පන්තියට ගියා........ කාල හමාරයි  මෙන්න බොලේ අපේ පන්ති මාරු කොරල......   මට නිකන් මොන්ගල් වගේ... අපේ හිටපු පන්ති බාර මිස් ගෙන් ගිහින් මගේ පන්තිය මොකක්ද කියල අහගත්ත මම දුවගෙන පන්තියට ගියා අපේ සෙට් එකේ කොල්ලෝ ටිකට මොනාද වෙලා තියෙන්නේ කියල බලන්න අපි පුරුවේ කරපු කරුමෙකටද වාසනවකටද මන්ද  අපේ සැට් එකේ කොල්ලොන්ගෙන් ගෙම්බයි ,බෙට්ටයි , පිම්පියයි  විතරයි එහා පන්තියට මාරුවෙලා තිබුනේ.... මෝඩ මුසලයයි ,ලබ්බයි, හෂයි, බටුවයි ,අලයයි මගේ පන්තියෙමයි  හිටියේ....(මුන් ගැන හඳුන්වන්න ගියොත් අද මට මුන්ගේ ජාතකෙම මතක් කර කර ඉන්න  වෙයි  ඒක නිසා පස්සේ වෙනම මුන් ගැන පොස්ට් එකක් ලියන්නම්...)


අපේ පන්තිය අලුතෙන් බාර ගෙන තියෙන්නේ විද්‍යාව උගන්නන මිස් කෙනෙක්.... නමනම් අර පොඩි ළමයින්ට විජලනය හැදුනම දෙන්නේ අන්න ඒක(දන්නේ නැත්තන් මම වගේ අම්මගෙන් අහන්න........) එයා නම් තරුණ ගොඩක් හොඳ මිස් කෙනෙක්.... මගේ පස්  ලව් එකේ මෙයා ප්‍රධාන කැරට්ටුවක් වෙන හැටි පස්සේ කියන්නම්කො.....

ඔන්න ඉතින් මද්දුවත් එකෙන්ම ගිහිල්ල අලුත් මිස්ට ටෝක්ස් එකක් දුන්න..... මෙයා හිතුවට වඩා  හොඳයි වගේ.... අපි ඉතින් දන්නැද්ද මෙයා විද්‍යාවේ නව ප්‍රවණතා වගේ හරබර  මාතෘකාවක් ගැන කතා කරගෙන ඉද්දි මෙන්න බොලව් කෙල්ලෙක් ඇවිත් රෙජිස්ටෝර් එකේ ළමයි ඔක්කොගෙම නම් ලිව්වා මිස් කියලා දික් කරපි රෙජිස්ටෝරේ මිස්ගේ දිහාවට.....

මිසුත් ඉතින් වැඩ ඔක්කොම මුට්ටි අල්ලන එකියෙක්ට දීල අතල් එකේ ඉන්න පුළුවන් නිසාද මන්ද අනේ තැන්කූ මෙයා ඔයාගේ අකුරු මාර ලස්සනයි පුතේ කියලා මිස් ඒකිව උඩින් තිබ්බ.....  එකී රෙජිස්ටෝර් ඒක මිස්ට දීල ගියාට පස්සේ  මම ඉල්ලගත්ත රෙජිස්ටර් ඒක.... මොකද අපේ පන්තියට මුට්ටියක් බැහැල කියන්නේ අපේ ආතල් වැඩ සිමා සහිත වෙනවා කියන එකනේ....  

ඉඳපිය දෙන්නම් වැඩක්  කියලා  ඇරිය රෙජිස්ටෝර් එක.... බුදු අම්මේ අකුරුවල ලස්සන.... ඇස්වහක් කටවහක් නෑ මුතුකැට වගේ.... ඒ වුනාට අකුරු ලස්සනයි  කියලා  අතාරින්න පුළුවනැයි.....  බැලුව මගේ නම .. මාතංග  මද්දු  ද සිල්වා... වැඩේ හරි ....  මම  ගියා  මෙකි ගාවට....

මම :- ඈ යෝදියේ මොකද මේ මගේ නමට කරලා තියෙන්නේ ??? (මෙකි එකපාර dim වෙලා වගේ ගියා .... )

මෙකි :- ඇයි මොකද වෙලා තියෙන්නේ ??? (පන්තියේ උනුත් අපි දිහා බලාගෙන)

මම :- මගේ නම මානංග මද්දු ද සිල්වා නේ...

මේකි:- හරි ඉතින් අකුරනේ.... (මේකිත් අරින්නේ නැහැ වගේ)

මම :- අකුර වගේද මගේ නම්බුව  ?? මේ කෙල්ලෝ මුට්ටි අල්ලන්න විතරයි දන්නේ... පැයක් විතර රවුන් කොරල ලස්සන අකුරු ලිව්වට වැඩක් නැහැ යකෝ spellings හරියට නැත්තන්.... මම කිව්වා....

මේකි දැන් අඬන සයිස් එකේ ... බිම බලාගෙන මොනාද මන්ද කියෙව්වා මට තියා ඒකිටවත් ඇහුනද මන්ද.... ඊට පස්සේ මේකි අඬාගෙන වගේ  දුවගෙන ගිහින් Des  එකට ඔලුව තියාගත්තා....ඒ වෙලාවේ නම් මට ටිකක් දුක හිතුන (කලාකරුවෝ සංවේදී කියනවනේ...) ඒ වුනත් ඉතින් බැන්න බැනිල්ලට මම ගිහින් සමාව ගන්නය.... ඒ වුනත් මගේ හිත කිව්වෙම ගිහින් සනසපිය කියලා...
ටන් ටන් ටන් ටොන ටින් ටින් ටුන් ඩොන්......
මොන සනසනවද  හෙන ගහනවා වගේ  ගහපි ඉන්ටෙර්වල් බෙල්ල එක...... අස්පිල්ලමක් ගහන්නත් කලින් මෙන්න බෙට්ටයි, ගෙම්බයි, පින්පියයි ,හෂයි  ඇවිත් උන්ගේ බත් පාර්සලුත් අරගෙන ... දන් ඉතින් මොන කෙල්ලෝ නැළවිලිද??? අපේ ජිවිතේ මොන බලු වැඩක් කලත් බඩට වන්චා  කරන්න එපා කියලා අර කව්ද මන්ද  එකෙකුත් කියලා තියනවලුනේ... අනික වාරේ පලවෙනි දවසේ පලවෙනි බත් එක කන එක කොච්චර වැදගත් ද  අප්පා??

කෙලින්ම  හතර පස් දෙනෙක්ට මැදී  වුන අහින්සක බත් 4 ක්  5 ක් නිකන්ම වාෂ්ප වෙලා ගියා...... අනේ කෑම මතක්  උන හින්දද මන්ද මට නිකන් බඩ ඇතුලේ පනුවෝ ටික පිකටින් කොරනවා වගේ දැනෙනවා අප්පා,,,,..... වුන සීන් ටික නිකන් අමතක වෙලා වගේ...මට නිකන් මේ අවස්ථාවේදී  කොත්තුවක් ෆ්‍රයිඩ් රයිස් 1 ක් මැවිලා පේනවා වගේ අප්පා...  මම යනවා අයිය එක්ක සීය සීය දාල කොත්තු පාරක්  දාන්න.....

 එහෙනම් ඔයගොල්ලෝ වැඩි විස්තර පුවක් ගස්  වලින් අහගන්නකෝ.... මම කතාවේ ඉතුරු ටික පස්සේ දවසක කියන්නම්....

   (මතක තියා ගන්නල බඩට වංචා කොරන්නේ නරක ළමයි හරිද???)   ;)

එහෙනම් මේ සින්දුවත් අහලම යන්නකෝ.......
නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මඟතොටදී නොදුටුව විලස ඇදී..
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..

හුම්මානේ අප හමුවී.. 
සන්තානේ තව රිදුනි..
පෙරමඟ මා අද නැවතී.. 
යලි එය සිහිකරමී 

මුවැත්තියක් ගුරුගෙට ආවා..
හන්තානත් ඉඟිඹිඟි පෑවා..
මල්පාරත් මට අත වැනුවා.. 
සුන්දරවූ සැන්දැ ගෙවුනා..

දුක සංකා නිවුනී.. 
අප දෑතම බැඳුනී..
මා ආදරේ ඔබටමයි..

වස්සානේ මහවැසි වැටුණා..
දෙසුම්හලේ පාලුව දනුනා..
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
සඳ නැතිවම සැන්දෑ ගෙවුණා..

මැයි මල් පිපෙන තුරා.. 
මහවැලි ගලන තුරා..
මා නෙත් පියෙන තුරා.


ආසනම් මෙතැනින්ම බාගන්නකෝ......

Saturday, January 28, 2012

ඔයාල මේ සින්දුවට ආසද???

මෙන්න බොලව්   අද කවදාවත් නැතුව  මද්දු පුතා උදෙන්ම නැගීටල.... කියල මාව දන්නා එකෙක් අද  කිව්වේ නැත්තන් මම කණ එහෙම කපන්නේ නැහැ හරිද....  මොනා කොරන්නද  ඉතින් මෙව්වා කරන්නේ පාඩම් වැඩ අස්සෙනේ අප්ප.... වාර විබාගේ ලකුණු නැත්තන් ඉතින් බුදු සරණ තමා....
මම අද ලියන්න හිතන් හිටියේ  මගේ පස් ලව ගැනයි ඒත් මතක නැති උනානේ අද අපේ ඉස්කෝලේ ගෙවල් හම්බෙන එකනේ (house  meeT)  මොනා කරන්නද ??ආව එකේ මොනාහරි දීලම යන්න එපැයි...

    අද මම හාහාපුරා කියල දෙන්න යන්නේ ලංකාවේ ටික කාලයක් තුල උපරිම ජනාදරයට පත්වුන සින්දුවක lyrics මේක අමා කියන ටෙලියේ තීම් සින්දුව...  මගෙන් යාලුවෝ කීප දෙනෙක්ම ඇහුව නිසයි දෙන්න හිතුනේ...
මේතැනින් සින්දුව ගන්නකෝ


දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ.....

මින් පෙරදි අපි මේ වගේ වෙන් වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ....
මගෙ ජීවිතේ ඉකිබිඳී ඔබ දෙනෙත් යළි යළි සොයයි....
අපි පතා ආවා වගේ වෙන් වී යයි......

ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී..
ළං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ..

සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී...
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි...

ඔබෙ සිහින වල මා හිඳියි මගෙ සිහින වල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ....
දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ
සුහදිනියේ....

එහෙනම් මම ගියා ....  අද ගෙදර එද්දී ඉතින් වොයිස් බකල් තමා බුදු අම්මේ අපේ ගෙදරට චියර් කොරන්න එපැයි...... එහෙනං මද්දු විසි උනා... බායි !!
ඔන්න ඉතින්  යාලුවනේ මමත් බ්ලොග් කෙරුවාවට  බැස්ස... මේ සොඳුරු නිමේෂය තවත් ලස්සන කරන්නයි බලාපොරොත්තුව.... එහෙනම් ඉතින් හෙට ඉඳං හැම නිමේශයක්ම "සොඳුරු නිමේශයක්ම" වේවා.....!!!